මෙහෙමත් හොරු පරිස්සමෙන්. - මහ මග පිහියෙන් ඇන ත්‍රීරෝද රථයක් මංකොල්ල කෑ මෙහෙයුම.
කුලී ගමන් යන මුවාවෙන් පැමිණ වාද්දුව, තල්පිටිය, ලෝලුගස් මංකඩ මංසන්ධියේදි ත්‍රිරෝද රථ රියදුරකුට පිහියෙන් ඇන ත්‍රිරෝද රථයක් මංකොල්ල කා තිබෙනවා.
සැකකරු ත්‍රිරෝද රථ කුලියට ගමන්ගන්නා ස්ථානයට පැමිණ ඔහුට පානදුර පින්වත්ත ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා ඇති අතර පසු ව පින්වත්ත ප්‍රදේශයට යන අතරතුර එම ත්‍රිරෝද රථයට තවත් පුද්ගලයන් දෙදෙනෙකු නංවාගෙන ඇති අතර, එම තිදෙනා ද කැටුව ත්‍රිරෝද රථය පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසලට ගොස් ත්‍රිරෝද රථ රියදුරාට ත්‍රීවිල් රථයෙන් බැස යන ලෙස ඔවුන් තිදෙනා ප්‍රකාශ කොට තිබෙනවා.
ත්‍රිරෝද රථ රියදුරු රථයෙන් බැස යාම ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙසේ වෙතත් එහිදි පුද්ගලයන් තිදෙනා ගෙන් එක් අයකු ඉනෙහි සඟවා තිබූ තියුණු ආයුධයක් ගෙන ඔහුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට ඇන තුවාල සිදු කර තිබුණා..
එයින් බියට පත්වූ ත්‍රීවිල් රථ රියදුරු ත්‍රීවිල් රථය දමා එම ප්‍රදේශයේ පිහිටි ඔහු ගේ ඥාති නිවසකට දිවගොස් ඇතත් ත්‍රීවීල් රථයේ පැමිණි පුද්ගලයන් තිදෙනා එම ත්‍රීවිල් රථය රැගෙන එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රීවිල් රථ රියදුරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වයස අවුරුදු 37ක වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙසේ රෝහල්ගත කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථ රියදුරු ගේ දෙමව්පියන් පින්වත්ත පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.