දෙමහල් නිවසකට පැන දේපළ කොල්ල කා පළා ගිහින් - කාන්තාවකුත් පිරිස අතර..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 01, 2023 02:40 AM GMT
Report

හුණුපිටිය - ගැමුණු මාවතේ දෙමහල් නිවෙසකට පිරිසක් ඇතුළු වී නිවැසියන් බිය වද්දා මුදල් හා ස්වර්ණාභරණ ඇතුළු දේපොළ කොල්ල කා ඇත.

ඒ එම නිවසට අලුයම 5.30ට පැමිණි කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් තමන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බවට පවසමින් ය.

එහිදි ඔවුන් නිවෙසේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට තොරතුරු ලැබී ඇති හෙයින් සෝදිසි කිරීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

ලැප්ටොප් පරිගණකයක්, පවුම් පහකට අසන්න ස්වර්ණාභරණ සහ රුපියල් දෙලක්ෂ හතළිස් දහසක පමණ මුදලක් ඔවුන් සොරාගෙන ඇත.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් පරීක්ෂණ පවත්වයි.