හමුදා ට්‍රක්රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්.. 05ක් මරුට..

India Accident
By Aruna Apr 21, 2023 04:54 AM GMT
Report

කාශ්මීරයේ හිමාල කඳුකර ප්‍රදේශයේදී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණ තත්වයක් පවතින අවස්ථාවකදී හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now