සත් අවුරුද්දක් පාසලේ සිසුවෙක් කෙළසූ කොළඹ සුපිරි පාසල් ගුරුවරිය, උසාවි ගිහින් කළ අරුම පුදුම ඉල්ලීම!

Sri Lanka Colombo Galkissa Harassment school teacher
By Sewvandhi Mar 29, 2022 06:19 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය දිගින් දිගටම පොලීසිය මඟ හරිමින් සිටින බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී. 

ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනතේ 360 (1) ඊ වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තිය වරදක් සිදුකර ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයට තම කාර්යාංශයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද ඇය එය මග හරිමින් සිටින බව ද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලුම්කරමින් අදාළ ගුරුවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් අධිකරණය හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී. 

මෙම තැනැත්තිය අදාළ සිසුවාගේ ගිණුමට රුපියල් 50,000 ක මුදලක් බැර කර ඇති බවත්, පාසලේ පරිගණක විද්‍යාගාරයේ සිට නිලඇදුමින් ලබාගත් ඡායාරූප ද ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

අදාළ බාලවයස්කාර සිසුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාත්නා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී. ලංකාදීප


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now