ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS)

Cricket Sri Lanka Cricket Bangladesh Bangladesh Cricket Team Latest Headlines
By krishani Mar 13, 2024 12:44 PM GMT
Report
UPDATE:-

අද (13) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය කඩුළු 06කින් ජය ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS) | A Target Of 256 Runs For Bangladesh

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS) | A Target Of 256 Runs For Bangladesh

එහිදී පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 257ක් රැස් කරගනිමින් තරගය ජයගනු ලැබීය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto පන්දු 129කදී ලකුණු 122ක් නොදැවී ලබා ගත්තේ ය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS) | A Target Of 256 Runs For Bangladesh

එමෙන්ම, Mushfiqur Rahim පන්දු 84කදි ලකුණු 73ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී දිල්ෂාන් මධුසංක කඩුලු දෙකක් ලබා ගත් අතර ප්‍රමෝද් මධුෂාන් සහ ළහිරු කුමාර අතර කඩුළු එක බැඩින් බෙදී ගියේ ය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS) | A Target Of 256 Runs For Bangladesh

කෙසේ වෙතත්, දෙරට අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලියෙන් තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශය පෙරමුණගෙන සිටියි.

ලබන 15 වැනිදා මීළඟ තරගය පැවැත්වීමට නියමිතයි.

-------------------------------------------------

සිංහයින්ගෙන් බංගලියන්ට ලැබුණ ඉලක්කය.. (PHOTOS)

අද (13) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්විණ.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS) | A Target Of 256 Runs For Bangladesh

ඒ පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය.

එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක් රැස් කිරීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS) | A Target Of 256 Runs For Bangladesh

එමෙන්ම පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 36ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33ක් රැස් කළේ ය.

චරිත් අසලංක ලකුණු 18ක දැවී ගිය අතර වනිඳු හසරංග ලකුණු 13ට දැවී ගියේ ය.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin Ahmed හා Tanzim Hasan Sakib කඩුළු 2 බැගින් දවා ගත් අතර Mehidy Hasan Mirazට එක් කඩුල්ලක් දවා ගැනීමට හැකි විය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් තැබුව බලාපොරොත්තුව බිඳ වැටෙයි - අද මැච් එකට වුණේ මොකක්ද දන්නව ද?.. (UPDATE/PHOTOS) | A Target Of 256 Runs For Bangladesh

කෙසේ වෙතත්, මෙතෙක් දෙරට අතර එක්දින තරග 54ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 42ක් හා බංග්ලාදේශය තරග 10ක් ජයගෙන ඇත.

GalleryGallery