ආණ්ඩුවට ඇති කැමැත්ත කෙරෙහි අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට එයි..එහි සඳහන් වූ දේ මෙන්න..

United National Party Ranil Wickremesinghe Government Of Sri Lanka Political Development
By Aruna Jul 16, 2024 03:24 AM GMT
Report

වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" ආයතනය සිය වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා.

එම ආයතනය මඟින් සිදුකරන "රට හිතන හැටි" දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මාසයේ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.

පෙබරවාරි මාසයේ වත්මන් ආණ්ඩුව පිළිබඳව සියයට 7ක්ව පැවති ජනතා ප්‍රසාදය මෙම මාසය වන විට සියයට 24 දක්වා ඉහළගොස් තිබීම විශේෂත්වයක්.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..


එම සමීක්ෂණයට අනුව වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 28ක් ප්‍රකාශකර ඇති බව ද පැවසේ.

"වෙරිටේ රිසර්ච්" ආයතනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙරට ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බවට සියයට 30ක් ප්‍රකාශ කර ඇති බවයි.

මේ අතර, ජූලි මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 85,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද වාර්තා වේ.

ඒ අනුව, ජුලි මස 14 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 85,426 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි, සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 1,095, 675 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 207,966ක් බවයි පැවසෙන්නේ.

ප්‍රබල හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි..

ප්‍රබල හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි..


රුසියාවෙන් සංචාරකයින් 116,019 දෙනෙකු පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය යෙන් සංචාරකයින් 97,055 දෙනෙකු පැමිණ ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ, ඊට අමතරව ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%