අංශභාගය වැළඳී ඇඳ මත සිටි පියාව පොලු පහරක් ගසා මරා දැමු පාපතර පුතු - මව රෝහල්ගත කෙරේ (PHOTOS)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Sep 01, 2022 03:43 PM GMT
Report

47 හැවිරිදි අවිවාහක පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි වැලිගොඩ නොඑල් ද සිල්වා 70 හැවිරිදි දෙදරු පියෙකි.

පහරදුන් බව කියන සැකකාර පුතු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක් වූ පුද්ගලයා අංශභාගය රෝගය වැළඳී ඇඳ මත සිට ඇති අතර සැකකාර පුද්ගලයා ඔහුගේ හිසට පහරදී ඇති අතර ඔහු ඇඳ මතම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට මානසික ආබාධයකට ප්‍රතිකාර ගන්නා අයෙක් බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGallery