චීන ඉංජිනේරුවන් පිරිසකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්. - (VIDEO)
Pakistan
China
Bomb Blast
By Wayomi
චීන ඉංජිනේරුවන් පිරිසක් ගමන්කරමින් සිටි රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ, පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන් පිරිසකටයි.
එම ප්‍රහාරයෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මෙය සතියක් තුළ පාකිස්තානයේ පිහිටි චීන සම්බන්ධතා සහිත ස්ථාන වලට එල්ලකළ තුන්වැනි ප්‍රහාරය බවයි වාර්තා වන්නේ.
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් චීන ජාතිකයින් ගමන්කළ රථ පෙළේ හැප්පීමට සලස්වා මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර බ්ලොචිස්තාන ප්‍රාන්තයේ වරායකට සහ ගුවන් මූලස්ථානයකට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
එම ප්‍රාන්තයේ චීන ආයෝජන ව්‍යාපෘති විශාල ගණනක් ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.