සරුංගලයක් පාසල් සිසුවෙකුගේ අත කඳින් වෙන් කරයි - මෙරටින් ඇසෙන අතිශය සංවේදී පුවත..

Sri Lanka Police Matara Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 26, 2023 04:16 PM GMT
Report

මාතර පොලිසිය ප්‍රකාශ කළේ, මාතර වේරගම්පිට ප්‍රදේශයේදී ආරවුලක් දුරදිග යාමෙන් පසු පාසල් ශිෂ්‍යයකුගේ දකුණු අත වෙන්වන සේ කඩුවකින් පහරදී ඇති බවයි.

මාතර පොලිස් වසමේ වේරගම්පිට අම්බලම අසල දි (25 ) දින පස්වරුවේදී  සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හේතුවෙන් වයස 16 පමණ වන පාසල් ශිෂ්‍යයෙකුට මෙම පහරදීම සිදුකොට ඇති බව පොලිසිය කියයි.

එහිදී පාසල් ශිෂ්‍යයාගේ දකුණු අත වෙන් වී බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

කඩුවෙන් පහර දුන් බව කියන මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ⁣මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය පරීක්ෂණ මෙහෙයවති.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
ද්Join Now