ගෙල කපා ඝාතනය කළ සිසුවියගේ මල සිරුර තේ වත්තක

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Mar 09, 2024 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබේ.

ඇයගේ ගෙල කපා ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරෙන බවයි  වාර්තා වන්නේ.

මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී,  ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.