වහාම ක්‍රියාත්මක වන පරිදි ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ට දැඩි තහනම් නියෝගයක්.

Afghanistan
By Wayomi Dec 21, 2022 07:19 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු සරසවි අධ්‍යාපනය තහනම් කිරීමට තලිබාන් පාලකයින් තීරණය කර තිබෙනවා.

එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් අනුව තලිබාන් පාලකයින් ඒ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ තලිබාන්වරුන් බලය අත්පත් කර ගැනීමෙන් පසුව, විශ්වවිද්‍යාල විසින් ස්ත්‍රී-පුරුෂ අනුව වෙන් කරන ලද පන්ති කාමර සහ ප්‍රවේශ හඳුන්වා දෙනු ලැබුවා.

ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ට දැනටමත් ද්විතියික අධ්‍යාපනය ලබා ගැනීම තහනම් කර තිබෙනවා.

මීට මාස තුනකට පෙර ඇෆ්ඝනිස්ථානය පුරා ගැහැණු ළමයින් සහ කාන්තාවන් දහස් ගණනක් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිටි අතර පශු වෛද්‍ය විද්‍යාව, ඉන්ජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ කෘෂිකර්මාන්තය සීමා නොකර, ජනමාධ්‍යවේදය හැදෑරීම දැඩි ලෙස සීමා කරමින් ඔවුන්ට ඉගෙන ගත හැකි විෂයයන් සඳහා සීමා පනවනු ලැබුවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW