පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එසේම ඔහු කියා සිටියේ, තමාද පක්ෂයට එවැන්නක් දැනුම්දී නැති බවයි.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදී, ඔහු මේ බව ප්‍රකාශ කළා.
මේ අතර, අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවයි.
මේ අතර, එළඹෙන ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සඳුදා දිනයේදී ද එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%