පිහි ඇනුමක් - 14ක් තුවාල ලබයි.. 12කට බරපතලයි.. (විදෙස්)

South Korea
By krishani Aug 04, 2023 10:03 AM GMT
Report

දකුණු කොරියාවේ සියොන්නම් නගරයේ උමං දුම්රිය ස්ථානයක් අසළ දී පිහි ඇනුමක් සිදුකර තිබෙනවා.

ඒ මෝටර් රථයකින් කඩාවැදුනු පුද්ගලයෙකු විසින් ය.

එයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෝටර් රථයක් පදවාගෙන පදික වේදිකාවට සැකකරු පළමුව කඩාවැදී තිබෙන අතර පසුව අවට සිටි පුද්ගලයින්ට පිහි ප්‍රහාරය එල්ල කර ඇත.

මෝටර් රථයේ ගැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ඇති අතර පිහි ඇනුමෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් 12 දෙනෙකුගේ තත්වය බරපතල අතර සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.