යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු ජීවිතය බේරා ගැනීමට කළ විශේෂ ඉල්ලීම - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න..(VIDEO)

war social media Sri Lankan Russian Ukrain
By Sewvandhi Feb 25, 2022 03:07 PM GMT
Report

රුසියානු-යුක්‍රේන ගැටුම් මධ්‍යයේ යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා යුක්‍රේනයට ගොස් සිටින දක්ෂිත් විජේසේකර නමැති ශ්‍රී ලාංකික තරුණයෙකු එම වීඩියෝව නිකුත් කර ඇත. ඔහු ඉල්ලා සිටියේ යුක්‍රේනයේ, ලිවීව් නගරයට තමා ඇතුළු පිරිස රැගෙන ගොස් ඉන් පෝලන්ත සීමාව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු සකසා දෙන ලෙස ය. 

ඒ සම්බන්ධයෙන් තමන් තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු අදාළ වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇත. 

තානාපති කාර්යාලයෙන් පිළිතුරක් ලබා දෙන තුරු තමන් ඇතුළු පිරිස මේ වන විට රැඳී සිටින ස්ථානයේ ම සිටීමට කටයුතු කරන බව ඔහු සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.( වීඩියෝ අයිතිය - මීට කලින් දැකලා නෑ තමයි -facebook පිටුව)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now