මෙරට සිඟමන් යදින දරුවන් ගැන විශේෂ අනාවරණයක්.

Government Of Sri Lanka
By Wayomi Mar 28, 2024 10:03 AM GMT
Report

දිවයින පුරා බාලවයස්කාර දරුවන් 30,000ක් පමණ සිඟමන් යදින බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා විසින් සිදුකළ බව සඳහන් පර්යේෂණය ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදුකරන ලද විධිමත් පර්යේෂණයක් නොවන බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරන ලද විමසීමේදී අනාවරණය වී තිබෙනවා.

2019 වර්ෂයේදී රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අනුමාන කළ දත්ත මත පදනම්ව , 2019 වසරේ සිට මේ දක්වා සිඟමන් යදින බාලවයස්කාර දරුවන් ගණන වර්ධනය වූ බවට එළඹි උපකල්පන මත තමන් මෙරට පුවත්පතට මෙම ප්‍රකාශය ඉදිරිපත්කල බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව දරුවන් 30,000ක් සිඟමනේ යෙදෙන බවට ප්‍රකාශ කර ඇත්තේ දීප ව්‍යාප්ත විද්‍යත්මක සමීක්ෂණයකින් නොවන බවත් , උපකල්පනයක් ඔස්සේ මෙම සංඛ්‍යාව ඉදිරිපත් කළ බව වැඩිදුරටත් සඳහන් වෙයි.

එසේ වුවද ළමයින් සිඟමනට යෙදවීම පිළිබඳ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති වාර්ෂික පැමිණිලි වල සඳහන් ආකාරයට 2018 වර්ෂයේ 315ක් ලෙසද, 2019 වර්ෂයේ 299ක් ලෙසද, 2020 වර්ෂයේ 200ක් ලෙසද, 2021 වර්ෂයේ 240ක් ලෙසද, 2022 වර්ෂයේ 249ක් ලෙස සහ 2023 වර්ෂයේ 323ක් ලෙස වාර්තා වී තිබිණි. අදාළ පර්යේෂණයේ සඳහන් කර ඇති ආකාරට රට තුල දරුවන් 30,000ක් සිඟමනේ යෙදෙන්නේ නම් එය වාර්තා වී ඇති සංඛ්‍යාව මෙන් සිය ගුණයක් පමණ වන බවත් එය තහවුරුකර නොගත් කිසිසේත්ම විශ්වාස කළ නොහැකි සංඛ්‍යාවක් බව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළා.

විද්‍යාත්මක පර්යේෂණයක් මගින් තහවුරු කර නොගත් මෙවැනි සංඛ්‍යා දත්තයන් ඉදිරිපත් කිරීම මගින් මෙම ගැටලුව විසදීමට සැලසුම් ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතන පවා අපහසුතාවයට පත්විය හැකි බව වැඩිදුරටත් නිරීක්ෂණය වී ඇත.