සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..අප්‍රේල් 10 වන දා සිට කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Police spokesman Lasantha Alagiyawanna Sri Lanka Politician Department of Motor Vehicles
By Aruna Mar 23, 2024 02:57 AM GMT
Report

එළැඹෙන අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයදුම්කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.