උසස් පෙළට පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම්දීමක් - මාර්තු 5 වෙනිදා සිට ක්‍රියාත්මකයි..

Ministry of Education G.C.E.(A/L) Examination Education Latest Headlines Decision Making
By krishani Feb 25, 2024 03:15 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

උසස් පෙළට පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම්දීමක් - මාර්තු 5 වෙනිදා සිට ක්‍රියාත්මකයි.. | A Special Notice To A L Students

ඒ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීම එළැඹෙන මාර්තු 05 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි.

මෙම පුහුණු වැඩසටහන දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් ක්‍රියාවට නැංවෙන බව ඔහු සඳහන් කළේ ය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ට ද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඉදිරියේ දී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේ ය.

දැනට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

එමෙන්ම, දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ක් වන බවත් ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් දාහතකින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා.

තවද ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපය තුළ සෑම පාසලකම පන්ති කව ආරම්භ කළ යුතු අතර ඒ හරහා දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් මැදිහත් විය යුතු ආකාරය දැනුවත් කළ යුතු බව ද ඔහු පැවසීය.