මෙදා පාර නම් ජයයි වගේ. - සුරාබදු කොමසාරිස්වරයා ගෙන් විශේෂ ප්‍රකාශයක්.
Excise Department of Sri Lanka
By Wayomi
පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ,මත්පැන් වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවයි.
මේ අතර එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදාවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි වැඩිදුරටත් සඳහන් කරනවා.