බදු වාර්තා ඉදිරිපත් කරන අයට විශේෂ නිවේදනයක්

Income Tax Department Latest Headlines Inland Revenue Department Income Tax Return Sinhala news
By R.rishma Oct 15, 2026 05:20 AM GMT
Report

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලු පුද්ගලයන් 2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නියමිත කාලසීමාව තුළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අවසන් මොහොතේ ඇති විය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බවයි.

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමේ පහසුකම ද සලසා තිබේ.

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය පුද්ගලයන්ට 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් කළ හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙත පිවිසීමෙන් ද අදාළ තොරතුරු ලබාගත හැකිය.

නියමිත අවසන් දිනයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.