දුම්රිය මගීන්ට ලැබෙන විශේෂ බස් රථ සේවාව.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
කොළඹ – මඩකලපුව දුම්රිය මගීන්ට විශේෂ රාත්‍රී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ය.
ඊයේ (24) රාත්‍රියේ දී, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.00ට මඩකලපුව බලා පිටත්වන පුලතිසි සිඝ්‍රගාමි දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට අක්කරෙයිපත්තුව දක්වා රාත්‍රී බස් සේවාවක් ආරම්භ විය.
ඒ රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝව මගින් මෙම සේවාව ආරම්භ කර ඇති අතර මෙම බස් රථ සේවාව මඩකලපුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30 ට පිටත් වී කාත්තාන්කුඩි, ආරයම්පති, කලුවංචිකුඩි, කල්මුණේ, කාරයිතිව්, නින්දවුර්, අට්ටාලයිචේන හරහා අක්කරෙයිපත්තුව වෙත ළඟාවීමට නියමිතයි.