පෙරළිකාර තීරණයකට සැරසෙයි .- TikTok වලට වෙන්න යන දේ මෙන්න.
චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුම, ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා 05ට අයත්වන, අමෙරිකානු නොවන එකම සමාජ මාධ්‍යය යෙදුමයි.
කෙසේ වෙතත් අමෙරිකානුවන් මිලියන 170ක් පමණ අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍යය භාවිත කරමින් සිටිනවා.
නමුත් මේ වන විට ටික්ටොක් යෙදුමේ චීන හිමිකාරීත්වය නිසා අමෙරිකානු ග්‍රාහකයන්ගේ දත්ත අවදානමට ලක්වන බවට ට්‍රම්ප් පරිපාලනයේ වගේම ජෝ බයිඩන් පරිපාලනයේත් අදහස වී ඇත.
ඒ හේතුවෙන් ටික්ටොක් අමෙරිකානු මෙහෙයුම්, අමෙරිකානු සමාගමකට විකුණා දමන ලෙසත් නැතහොත් ටික්ටොක් අමෙරිකාවේ තහනම් කරන බවටත් බයිඩන් පරිපාලනය පසුගියදා නීතියක් ද සම්මත කරගෙන තිබුනා..
කෙසේ වෙතත් අමෙරිකාවේ තහනම් කෙරුණත් ටික්ටොක් විකුණා දැමිය නොහැකි බව බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ කළ බවයි වාර්තා වූයේ,
එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය අද අනාවරණය කළේ, චීන ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදුමේ මෘදුකාංග සැකැස්ම නැත්නම් 'ඇල්ගොරිදම් එක' අමෙරිකාවේ ටික්ටොක් මෙහෙයුමෙන් වෙන් කරන්න බයිට්ඩාන්ස් සමාගම කටයුතු කරමින් සිටින බවයි.
එනම් ටික්ටොක් වීඩියෝ හුවමාරු යෙදුමේ අමෙරිකාවට අදාළ ක්ලෝන පිටපතක් සකස් කිරීමට බයිට්ඩාන්ස් සමාගම කටයුතු කරන බවත්, එය අමෙරිකාවේ ටික්ටොක් මෙහෙයුමේ විකුණා දැම්මේ පියවරක් විය හැකි බවත් රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
කෙසේ නමුත් මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන චීන බයිට්ඩාන්ස් සමාගම පවසන්නේ අමෙරිකානු ටික්ටොක් මෙහෙයුම් එලෙස වෙන් කිරීම, වාණීජ වශයෙන්,තාක්ෂණික වශයෙන් හෝ නීත්‍යානුකූල ආකාරයෙන් සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි.
ඔවුන් අමෙරිකානු රජයේ පියවරට එරෙහිව අධිකරණයේ සහාය පතමින් සිටින අතර අමෙරිකානු ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ නිදහසට එයින් හානියක් වන බව පවසනවා.
.........................................