පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Social Media
By Wayomi Nov 12, 2022 03:10 AM GMT
Report

2022 වසර තුළ එනම් මේ වන විට ගත වූ කාලසීමාව තුළ දී සමාජ මාධ්‍ය පිළිබඳ පැමිණිලි 12,373 ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කරනවා.

ඉන් 41%ක් මුහුණුපොත ආශ්‍රිත ව්‍යාජ පැමිණිලි බවයි එම සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පවසන්නේ.

එමෙන්ම අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ වංචා සහගත දැන්වීම්වලට හසුනොවන ලෙසට ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමාජ මාධ්‍ය පරිශීලකයින්ට දැනුම් දෙනවා.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW