ක්‍රිඩිකාවක බලෙන්ම සිපගත් සභාපතිවරයාට නොහිතපු වෙලාවක සිදු වූ දේ.. (PHOTOS)

Football Spain
By krishani Sep 11, 2023 11:50 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් සිය සභාපති ධුරයෙන් මෙන්ම යුරෝපීය පාපන්දු සංගමයේ උප සභාපති ධුරයෙන් ද ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

පසුගිය දා අවසන් වූ කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය (FIFA) ජය ගනු ලැබුවේ ස්පාඤ්ඤ කණ්ඩායමයි.

එහිදී ඉදිරිපෙළ ක්‍රීඩිකාවක වූ ජෙනී හමර්සෝව ඇයගේ කැමැත්තකින් තොරව සිප ගත් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විවිධ සමාජ සහ සංගම්වලින් ද දැඩි විවේචන එල්ල විය.

තව ද ස්පාඤ්ඤයේ අගමැති සහ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ද ඔහුව දැඩි විවේචනයට ලක් කළේ ය.

නමුත් විනය පරීක්ෂණයේ දී ඔහු පැවසුවේ කිසිදු ලෙසකින් සභාපති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

නමුත් මේ  සභාපතිවරයා සිටින තාක් ඔවුන් රට වෙනුවෙන් යළිත් ක්‍රීඩා නොකරන බව ස්පාඤ්ඤ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහ එහි කාර්ය මණ්ඩලය සඳහන් කළේ ය.

පසුව ලෝක පාපන්දු සම්මේලනය ලුයිස් රුබියල්ස්ගේ සභාපති ධුරයට වාරණයක් පනවමින් සිදුකළ අතර ඒ  දින 90ක තහනමකට ලක් කරමින් ය.

එයින් මොහුගේ මව උපවාසයක නිරත වන බවත් එරට මාධ්‍ය වාර්තා කළ අතර මෙම ලිංගික හිංසනයට ලක් වුණු පාපන්දු ක්‍රීඩිකාව වූ ජෙනිෆර් හර්මෝසෝ සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.

මෙම හිංසනය තමන්ගේ අකමැත්ත මත සිදු වූ බවත්, ඊට කිසිදු අනුමැතියක් තමන්ගේ පාර්ශ්වයෙන් සිදු නොවූ බවත් පවසමින් මෙම ක්‍රීඩිකාවගේ පැමිණිල්ල මත රජයේ පාර්ශ්වයෙන් එය ලිංගික බලහත්කාරකම් යටතේ ගෙන අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සභාපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කරන බව එරට ස්පාඤ්ඤ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (10) කියා සිටියේ ය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ ලුයිස් රුබියල්ස් සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ය.

GalleryGalleryGalleryGallery