ලොව ප්‍රථම වතාවට අභ්‍යවකාශයට හිතකාමී චන්දිකාවක්. - (VIDEO)

Japan NASA Satellites World
By Wayomi Nov 19, 2023 06:29 AM GMT
Report

අභ්‍යවකාශයට හිතකාමී අයුරින් අභ්‍යවකාශ තරණය කිරීම සඳහා නාසා ආයතනය අලුත්ම විදිහේ චන්ද්‍රිකාවක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ලොව ප්‍රථම වතාවට ලී වලින් සැදූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීම සඳහා සැලැසුම් කර ඇත.

ලිග්නෝ සැට් නම් මෙම චන්ද්‍රිකාව ප්‍රමාණයෙන් කෝපි බොන වීදුරු කෝප්පයක තරම් වන අතර මැග්නෝලියා ලීයෙන් තිබෙනවා.

මෙම චන්ද්‍රිකාව ලබන වසරේ ගිම්හාන සෘතුවේදී පෘතුවි කක්ෂයට දියත් කිරීම සඳහා නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අභ්‍යවකාශයේදී දැව පිළිස්සී නොගියත් නැවත පෘතුවියට ඇතුළු වනවිට පිළිස්සී අළු බවට පත්වනු ඇති බවත් අනාගතයේදී දැව චන්ද්‍රිකා සෑදීම සඳහා පුදුම සහගත ලෙස ප්‍රයෝජනවත් වැනි ඇති බවත් නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ප්‍රකාශ කරනවා.