යුධ අභ්‍යාසයේ දී අත් වැරදීමකින් වෙඩි කෑ නාවික සෙබළා
Anuradhapura
Trinco
Horowpathana
Kapugollava
navy soldier
By Sewvandhi
හොරොව්පතාන කපුගොල්ලෑව දුටුවැව සහ කපුගොල්ලෑව අතර කැලෑවේදී යුද අභ්‍යාසයක නිරතවෙමින් සිටි නාවික හමුදා සෙබළකුට අද උදැසන අත්වැරදීමකින් වෙඩි වැදීමකින් බරපතල තුවාල ලබා කපුගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවු බව කපුගොල්ලෑව පොලිසිය කියයි
. මෙලෙස වෙඩි වැදී බරපතළ තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය සාම්පූර් නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ විසිහැවිරිදි සෙබළකුටය.
ඉකුත් 5 වැනි දා ආරම්භ කරන ලද මෙම යුද අභ්‍යාසය හෙට (07) දින නිමා කිරීමට නියමිතව තිබුණ බව පොලීසිය කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |