ළඟ ළඟම එන සූර්යග්‍රහණය..

NASA
By krishani Aug 20, 2023 02:29 PM GMT
Report

ඔක්තෝම්බර් 14 වන දින සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව නාසා ආයතනය සඳහන් කළේ ය.

ඒ අනුව එම ආයතනය සඳහන් කළේ එය උතුර, මධ්‍යම සහ දකුණු අමෙරිකාව සහ බටහිර අර්ධගෝලයේ මිලියන සංඛ්‍යාත පිරිසකට වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දිස්වනු ඇති බවයි.

එමෙන්ම මෙය අමෙරිකාවේ ඔරිගන් වෙරළේ සිට නෙවාඩා, උටා, නිව් මෙක්සිකෝව, කැලිෆෝනියා, ඉඩාහෝ, කොලරාඩෝ සහ ඇරිසෝනා හරහා ගල්ෆ් වෙරළ තීර දක්වා දර්ශනය වෙයි.

තව ද මෙක්සිකෝව, බේලීස්, හොන්ඩුරාස් සහ පැනමාව හරහා මධ්‍යම අමෙරිකාවට ද දර්ශනය වේ.

කෙසේවෙතත් මෙම සූර්යග්‍රහණය විනාඩි පහයි තත්පර 17 ක කාලයක් සම්පූර්ණයෙන්ම නිකරගුවාවේ සහ කොස්ටරිකාවේ වෙරළට ඔබ්බෙන්  දිස්වනු ඇත.