ප්‍රධාන මාර්ගයක වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police
By krishani Jun 26, 2022 05:41 AM GMT
Report

ඇඹිලිපිටිය - මිද්දේනිය, තෝරකොළයාය පාර ප්‍රධාන මාර්ගයේ  දී සිදු වු වෙඩි තැබීමකින් මල්ශාලා හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අද (26) පෙරවරු 9.30 ට පමණ ඔහුට අයත් මල්ශාලාව(ජයසිරි මල්ශාලාව) විවෘත කිරීමට යාමේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව මිද්දෙනිය පොලීසිය ප්‍රකාශ කළා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join