සාදයක් අතරතුර වෙඩි තැබීමක් - 09 දෙනෙකු තුවාල ලබයි..

United States of America
By krishani Apr 24, 2023 07:43 AM GMT
Report

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් නම් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ එහි පාසලක සිසුන් පිරිසක් සංවිධානය කළ සාදයක් අතරතුර දී ය.

තුවාල ලැබූවන් වයස අවුරුදු 15-19 ත් අතර වන්නන් වන අතර ඔවුන්ව වහාම රෝහල්ගත කිරීමට පියවරගත් බව පොලිස් බලධාරීන් සඳහන් කළේ ය.

කෙසේවෙතත්, මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ පාසල්වල ආරක්ෂාව තරකිරීමට කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join