අති සුඛෝපභෝගී මෝටර් රථ 4000ක් සමග නෞකාවක් මුහුදුබත් වෙයි..(VIDEO)

ship fired Policit porshe Betblie
By Sewvandhi Mar 02, 2022 02:07 PM GMT
Report

අති සුඛෝපභෝගී මෝටර් රථ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී තිබේ. පෘතුගීසිය ආසන්නයේ පිහිටි අසොරෙස් දුපත් සමූහය ආසන්නයේ එම නෞකාව මීට සති දෙකකට පමණ පෙර ගිනි ගැනීමකට ලක්විය.

  "ෆෙලිසිටි ඒස්" නම් එම නෞකාවේ පෝර්ශේ සහ බෙන්ට්ලි සුඛෝපභෝගී මෝටර් රථ 4,000ක් පමණ තිබූ බව සඳහන් වෙයි.   එම නෞකාව ජර්මනියේ එම්ඩන් වරායේ සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා ගමන්කරමින් තිබියදී අනතුරට පත්විය.   

එහි සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබුණි. මේ වනවිට නෞකාව අත්ලාන්තික් සාගරයේ මීටර් 3500ක් පමණ පතුළේ රැඳී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

වොක්ස්වැගන් සමාගම උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ තම මෝටර් රථ සඳහා ඩොලර් මිලියන 155ක රක්ෂණ ආවරණයක් ඇති බවය. බෙන්ට්ලි සමාගමේ මෝටර් රථ 189ක් සහ පෝර්ශේ මෝටර් රථ 1,100ක් එහි තිබූ බව වාර්තා විය.

(විදෙස් මාධ්‍ය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now