මෝටර් රථ අනගනය විනාශ කරමින් "යුරෝෆෙරි ඔලිම්පියා" ගිනිගනී..සිරවී ඇති පුද්ගලයින් බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක්..(VIDEO)

Italy ship Greasy Corf island YUROFERI Olympiya
By Sewvandhi Feb 19, 2022 03:06 AM GMT
Report

ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී නෞකාවක් ගිණිගැනීමකට ලක්ව තිබෙනවා. ඒ යුරෝෆෙරි ඔලිම්පියා නැමැති ප්‍රවාහන නෞකාවක්. ගින්න හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව අති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේ වෙතත් සහන කණ්ඩායම් විසින් එහි සිරව සිටි 290 දෙනෙකු පමණ ඉන් ඉවත් කිරීමට සමත්ව තිබෙනවා.

ග්‍රීසියේ ඉගෝමෙනිට්සා වරායේ සිට ඉතාලියේ බ්‍රින්ඩ්සි බලා යාත්‍රා කරමින් සිටි නෞකාවේ මෝටර් රථ අංගනයක ගින්න හටගෙන ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

කාර්ය මණ්ඩලයේ 51 දෙනෙකු සහ මගීන් 239 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර 277 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි ග්‍රීසියේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ. (වීඩියෝ -කලම්බෝ ටයිම්ස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now