යාත්‍රාවක් පෙරළි 39ක් අතුරුදන්.. වහාම ගලවා ගැනීමේ කණ්ඩායම් යවයි..
චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේදී පුද්ගලයින් 39 දෙනෙකු සමඟ පෙරළී ගොස් තිබෙනවා .
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ එහි චීන ජාතිකයින් 17 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
මේ වන තෙක් අතුරුදහන් වූ පුද්ගලයින් කිසිවක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
කලාපය පුරා සිටින සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති අතර මෙහෙයුමට සහාය වීම සඳහා චීනය යාත්‍රා දෙකක් යොදවා ඇති බව සඳහන්.
"Lu Peng Yuan Yu 028" ලෙස නම් කර ඇති සහ Penglai Jinglu Fishery Co. සමාගමට අයත් මෙම යාත්‍රාව ඉන්දීය සාගරයේ මධ්‍යම ප්‍රදේශයේදී අඟහරුවාදා ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 3 ට පමණ පෙරළී ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
පසුගිය මාසයේ පිලිපීනයේ මුහුදු තීරයේදී චීන කැණීම් යාත්‍රාවක් පෙරලීමෙන් චීන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |