"ඇම්බර් වර්ණයෙන් යුතුව" - කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීමක්.

Weather
By Wayomi Mar 27, 2024 10:01 AM GMT
Report

අද පස්වරු 1.30සිට රාත්‍රී 11.30දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුතුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ඒ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, මේ හේතුවෙන් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

නිවේදනය පහතින්,  


Gallery