සුනඛයෙකු විසින් සත් හැවිරිදි දරුවෙකු සපා කාලා....

Accident National Health Service
By Aruna Mar 02, 2024 07:38 AM GMT
Report

ඉන්දියාවේ නව දිල්ලි නගරයේ සුනඛයෙකු හපාකෑම හේතුවෙන් හත් හැවිරිදි දරුවෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම සුනඛයා පිට්‍බුල් වර්ගයට අයත් වන බවයි.

අදාළ දැරිය නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ දී සුනඛයා දැරියව සපා කා ඇදගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් දැරියව බේරාගැනීමට අසල්වැසියන් සමත් වී ඇති අතර ඇයව වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

පොලිසියේ පැවසූවේ සුනඛයාගේ හිමිකරු වන ශිවානන්ද බාස්කර් නමැති පුද්ගලයාට එරෙහිව නඩුවක් ගොනුකර ඇති අතර මෙම සිදුවීම පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.