sputnik කොවිඩ් එන්නත නිපද වූ විද්‍යාඥයෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ.

By Wayomi Mar 04, 2023 12:24 PM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

රුසියානු කොවිඩ්-19 එන්නත නිපදවීමට දායක වූ විද්‍යාඥයෙකු ඝාතනය කර තිබෙනවා.

පරිසර විද්‍යාව සහ ගණිතය පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ලෙස සේවය කළ 47 හැවිරිදි Andrey Botikov.

පෙරේදා (02) ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිසිය විසින් සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකු බහින්බස්වීමක් අතරතුර ඔහුගේ මහල් නිවාසයේදී පටියකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු ජනාධිපතිVladimir Putin 2021 දී COVID එන්නත පිළිබඳ ඔහුගේ කාර්යය වෙනුවෙන් Botikov හට Order of Merit for the Fatherland සම්මානයෙන් ගෞරව කර තිබෙන අතර 2020 දී Sputnik V එන්නත නිපදවූ විද්‍යාඥයින් 18 දෙනාගෙන් කෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW