15 හැවිරිදි පාසල් සිසුවියක් උස ගොඩනැගිල්ලකින් පහලට පනී.. හේතුව අම්මා කියයි..

Sri Lanka Police Sri Lanka Accident Education
By Aruna May 10, 2023 02:20 AM GMT
Report

මහනුවර බාලිකා පාසලක 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැන තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එම සිසුවිය ඊයේ (09) පෙරවරු 11.30ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15ක් පමණ උසක සිට බිමට පැන ඇති බවටයි වාර්තා වන්නේ.

ඇය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන බව ද පැවසේ.

එම සිසුවිය කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසියට පවසා ඇත්තේ, ඇයට අමතක වීමේ රෝගයක් පවතින බවයි.

අඩි 15 පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා අදාළ සි.ටී ස්කෑන් පරීක්ෂාව සිදු කළ බවත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍යවරයකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now