පාසල නිමවී ගෙදර එන දැරිය ගිමන් හරින අතරේ ගැබිණියක් කළ සිදුවීමක්..
                                    
                    Police spokesman
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Pregnancy
                
                                                
                    Education
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    දාහතර හැවිරිදි පාසල් දැරියක ගැබිනියක් බවට පත්කළ ව්‍යාපාරිකයකු මුල්ලියාවලෙයි පොලිසිය විසින් පෙරේදා (29 දා) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය පාසල අවසන් වීමෙන් පසුව බස්රථය පැමිණෙන තුරු ගිමන් හැර ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ වෙළෙඳ සැලක බවයි පැවසෙන්නේ.
වෙළෙඳසැල් හිමියා දැරියව රවටා ගෙන ඇය සමග හැසිරී ඇති අතර, එහි ප්‍රතිපලයක් වශයෙන් දැරිය ගැබ්ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
දැරිය හදිසියේම රෝග ලක්ෂණ කීපයක් පෙන්නුම් කිරීම නිසා ඇගේ මව ඇයව මුලතිව් රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය සිවුමස් ගැබිනියක් බව නිගමනය කොට ඇත.
 ඒ අනුව, වෛද්‍යවරයා සිද්ධිය ගැන දැරියගෙන් විමසා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.