පාසලක බිහිසුණු වෙඩි තැබීමක්..ළමුන් 02ක් මරුට..05කට තුවාල(PHOTOS)..

Death Gun Shooting Russia
By Aruna Dec 08, 2023 01:34 AM GMT
Report

රුසියාවේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා තිබෙන දුක්බර පුවතක් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම පාසලේ 14 හැවිරිදි සිසුවියක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිය පන්ති කාමරයේ සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර ඇති එම සිසුවිය පසුව වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් සිසුවෙකු එහිදී මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබෙන්නේ, සිය පියාට අයත් ගිනි අවියක් අදාළ සිසුවිය විසින් පාසලට රැගෙනවිත් ඇති බවටයි.

GalleryGalleryGallery