අද පෘථිවියට කඩා වැටෙන්න යන දේ මෙන්න..(VIDEO)
NASA
By Aruna
අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද (20) දිනයේදී පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.
රාත්තල් 600ක බරින් යුතු රෙසී නමැති චන්ද්‍රිකාව අද උදෑසන 7.00ට පමණ පෘථිවි කක්ෂය වෙත ඇතුළුවීමට නියමිතයි.
එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිතවීමේ ඉඩකඩක් තිබෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි.
කෙසේ නමුත් චන්ද්‍රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැත.
එමෙන්ම එය 'පෘථිවියේ සිටින ඕනෑම කෙනෙකුට හානියක් කිරීමේ අවදානම අඩු' බවත් ආසන්න වශයෙන් 2,467 න් 1 ක සම්භාවිතාවක් ඇති බව නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |