ලොකු ළුෑණු සම්බන්ධයෙන් දුක්බර ආරංචියක්.. ළුෑණු මිල ගණන් අහස උසට නගී..?

India Economy of Sri Lanka Businessman
By Aruna Mar 24, 2024 05:06 AM GMT
Report

ලොකු ළුෑණු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ළුෑණු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ළුෑණු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමත් සමග ඉන්දීය වෙළෙඳපොළ තුළ ලොකු ළුෑණු මිල සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් අපනයනය තවදුරටත් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඉන්දියාව ලෝකයේ වැඩිම ලොකු ළුෑණු අපනයනය කරන රට බවයි පැවසෙන්නේ. ඉන්දියාව විසින් පැනවූ මෙම තහනම හේතුවෙන් බොහෝ රටවල ලොකු ළුෑණු මිල මේ වනවිට ඉහළ අගයක පවතී.

ශ්‍රී ලංකාවේ ද ලොකු ළුෑණු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට ඉන්දියාව විසින් පනවා ඇති එම තහනම ප්‍රධානතම හේතුව වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.