ලේ විලක් වන්නට තිබූ අවදානම අනූ නවයෙන් බේරෙයි?. පෙර පාසලක වහලයක් එකවරම කඩා වැටෙයි.. වීඩියෝ සහිතයි.. (PHOTOS/VIDEO)

Sri Lanka Police Accident Latest Headlines
By krishani Dec 18, 2023 08:21 AM GMT
Report

එප්පාවල, කටියාව යාය 09 ප්‍රදේශයේ තලාව ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් ගොඩනැගිල්ලක ඉදි කිරීම් කටයුතු සිදු වෙමින් තිබෙන අතරතුර ඊයේ (17) එම ගොඩනැගිල්ලේ බිත්තියක් හා වහළය සම්පුර්ණයෙන්ම කඩා වැටී ඇත.

ලේ විලක් වන්නට තිබූ අවදානම අනූ නවයෙන් බේරෙයි?. පෙර පාසලක වහලයක් එකවරම කඩා වැටෙයි.. වීඩියෝ සහිතයි.. (PHOTOS/VIDEO) | A Roof Collapses In A Pre School In Eppawala

ඉන් කිසිවකුටත් හානී සිදුව නොමැති අතර නිසි ප්‍රමිතියකින් අදාළ ගොඩ නැගිල්ල ඉදි නොකිරීම ඊට හේතු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු තලාව ප්‍රාදේශීය සභාව මගින් සෘජු කම්කරු කුලී ගෙවීමේ පදනම මත සිදු කර ඇති බවට වාර්තා වේ.

පසුගිය දින කීපය පුරාම මේසන් බාස් වරුන්, ගෝලයින් ඇතුළු පිරිසක් අදාළ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටියද, ඊයේ (17) ඔවුන් නිවාඩු ගෙන තිබීම හේතුවෙන්, කිසිවකුට අනතුරක් සිදු නොවූ බව වැඩිදුරටත් ප්‍රදේශ වාසීන් සඳහන් කළේ ය.

ලේ විලක් වන්නට තිබූ අවදානම අනූ නවයෙන් බේරෙයි?. පෙර පාසලක වහලයක් එකවරම කඩා වැටෙයි.. වීඩියෝ සහිතයි.. (PHOTOS/VIDEO) | A Roof Collapses In A Pre School In Eppawala

යම් හෙයකින් මෙම ගොඩනැගිල්ල මෙම අවිධිමත් තත්වයෙන් වැඩ නිමවා සිසු අයිතියට පත් කලේ නම්, අහිංසක මල් කැකුළු වන් දරුවන්ගේ හිස මතට මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඉඩ තිබූ බවද එසේ වූවා නම් පෙර පාසල් භූමිය ලේ විලක් වන්නට ඉඩ තිබූ බවද ප්‍රදේශ වාසීන් පවසයි.

එමෙන්ම, ගොඩනැගිල්ලේ ඉදි කිරීම් සිදු කිරීමේදී ඒවාට කොන්ක්‍රීට් කණු සහ කම්බි නිසි ප්‍රමිතියෙන් යොදා නැති බවද ප්‍රදේශ වාසීන් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින් නරඹන්න,


GalleryGalleryGalleryGalleryGallery