කාන්තාවක් ලුහුබඳිමින් කළ ඇඟ හිරිවැටෙන මංකොල්ලය.. - මහ මඟ ගමන් කරන විට දී පවා අවදානයෙන් පසුවෙන්න. (PHOTOS/CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Dec 20, 2023 12:58 PM GMT
krishani

krishani

in අපරාධ
Report

මේ දිනවල දිවයින පුරා මංකොල්ලකෑම් සිදුවීම් රාශියක් වාර්තා වී තිබෙනවා.

කාන්තාවක් ලුහුබඳිමින් කළ ඇඟ හිරිවැටෙන මංකොල්ලය.. - මහ මඟ ගමන් කරන විට දී පවා අවදානයෙන් පසුවෙන්න. (PHOTOS/CCTV VIDEO) | A Robbery In Wattala Area

දිනෙන් දින මෙම සිදුවීම පිලිබඳ පුවත් වාර්තා වන අතර ඊයේ (19) දින ද වත්තල ප්‍රදේශයේ සිදු වූ මංකොල්ලකෑමට තැත් කිරීමේ වීඩියෝ දර්ශනයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනවා.

කාන්තාවක් ලුහුබඳිමින් කළ ඇඟ හිරිවැටෙන මංකොල්ලය.. - මහ මඟ ගමන් කරන විට දී පවා අවදානයෙන් පසුවෙන්න. (PHOTOS/CCTV VIDEO) | A Robbery In Wattala Area

ඒ අනුව, පසුගිය දින රාත්‍රියේ වත්තල කුඩා - ඒදණ්ඩ පාරේ දී මෙම මංකොල්ල කෑමට තැත්කිරීමේ සිදුවීම සිදුව ඇත.

එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය මෝටර් රථයෙන් සුපිරි වෙලන්දසලකට ගොස් නැවත පැමිනෙමින් සිටින අතරතුර එතැන් සිට පුද්ගලයින් දෙදෙනෙකු ඇයව යතුරු පැදියකින් ලුහු බැඳ පැමිණ ඇති බව වාර්තා වුනා.

කාන්තාවක් ලුහුබඳිමින් කළ ඇඟ හිරිවැටෙන මංකොල්ලය.. - මහ මඟ ගමන් කරන විට දී පවා අවදානයෙන් පසුවෙන්න. (PHOTOS/CCTV VIDEO) | A Robbery In Wattala Area

එසේම එහි එක් සැකකරුවෙකු මංකොල්ල කෑම සඳහා මෝටර් රථය කඩා විවෘත කිරීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යාර්ථ වී අදාළ කාන්තාව එම ස්ථානයෙන් පලා යාමට සමත් වූ අතර අදාළ සැකකරුවන් විසින් මෙම කාන්තාවට බාධා කරන අයුරු එම ප්‍රදේශයේ සවිකර තිබු CCTV වීඩියෝ දර්ශනවල පටිගත වී තිබෙනවා.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඒ සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පුද්ගලයන් විසින් මෙවන් මංකොල්ල කෑම් වලට පෙළඹී සිටින අතර මීට පෙරත් වත්තල කුඩා-ඒදණ්ඩ ප්‍රදේශයේ දී මෙවන් සිදුවීම් සිදු ඇති බව වාර්තා විය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,