දීගෙට ලක ලෑස්ති කරලා තිබ්බ දෑවැද්දම හොරු විදලා - පෝන් එක ගන්න යද්දි දැක්ක දෙයින් නිවෙස් හිමියා පුදුමෙනුත් පුදුම වෙලා..

Sri Lanka Police Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By krishani Nov 08, 2023 12:33 AM GMT
Report

06 වෙනි දා යාපනය, ඉනුවිල් ප්‍රදේශයේ විවාහ මංගල්ලයක දෑවැදි දීමට රැගෙන විත් නිවසේ තබා තිබූ රත්තරන් පවුම් 135 ක් සොරා ගත් පුවතක් වාර්තා වේ.

සොරකම සිදුවුණ අදාළ නිවසේ නිවෙස් හිමියා සිය ජංගම දුරකථනය ගැනීමට ගිය අවස්ථාවේ දී නිවසේ දොරක් විවෘත කර ඇත.

එහිදී නිවස පරික්ෂා කිරීමේදී රන් පවුම් 135ක් සහ ජංගම දුරකථන 04 ක් ඇතුලු තවත් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව දැනගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිදුවීම පිළිබඳ කෝපයී පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.