නිවසකින් කෝටියකට අධික මුදල් සහ ගිනිඅවියක් සොරා කාලා..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 17, 2022 06:19 AM GMT
Report

බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුලු වූ පුද්ගලයෙකු එහි තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් සහ ගිනි අවියක් සොරකම් කර ඇත.

රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකන් ඩොලර් 6,000 ක්, රුපියල් මිලියන 10 ක් වටිනා ස්වර්ණාභරණ සහ රජයේ බලපත්‍ර මත ලබාගත් පිස්තෝලයක් මෙලෙස රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

වාහන අලෙවිකරුවෙකු වන නිවෙස් හිමියා, ව්‍යාපාරික කටයුත්තකට නිවසින් බැහැරව ගොස් සිටියදී මෙම සොරකම සිදුව ඇත්තේ.

කිසියම් සැකසහිත පුද්ගලයෙකු නිවසේ තුන්වන මහළට ඊයේ ඇතුලුවී සිටින බවට අදාළ බිරිඳ විසින් ව්‍යාපාරිකයාට දැනුම්දී තිබු නමුත් සැකකරු කවුරුන් ද යන්න අනාවරණ වී නොමැත.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join