මරණාසන්න පුද්ගලයන් දහස් ගණනක අධ්‍යයනයකින් හෙළි වූ පුදුම හිතෙන දේ..
අමෙරිකාවේ කෙන්ටාකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ආචාර්ය ජෙෆ්රි ලෝන්ග් විසින් මරණින් පසු ජීවිතයක් ඇති බවට කිසිදු විවාදයකින් තොරව තමන් පිළිගන්නා බව සඳහන් කර තිබෙනවා.
ඒ භාෂාවන් 30කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන දහස් ගණනක ජනතාව සම්බන්ධව කළ පර්යේෂණ ගණනාවක අත්දැකීම් සම්භාරයක් මගින් ය.
ඔහු ලොව විවිධ ආගම් සහ ඇදහිලිවලට සම්බන්ධ පුද්ගලයන් පන්දහසකට වැඩි පිරිසකගේ තොරතුරු එක්රැස් කර ඇත.
එම රැස්කළ තොරතුරු වලින් පසුව මරණින් මතු ජීවිතය සම්බන්ධව තමා විශ්වාසයකට එළැඹ තිබෙනවා.
මේ අතර දීප්තිමත් ආලෝකයක් හෝ ආත්මයක් ලෙස සිරුරේ සැරිසරන යම් කිසිවක් ගැන මරණාසන්න පුද්ගලයන් තමාට ප්‍රකාශ කළ ඔහු පැවසීය.
ඒ මරණාසන්න අත්දැකීම් දහස් ගණනක් අධ්‍යයනය කිරීමෙන් පසුව මේ බව සොයා ගෙන තිබෙන්නේ.
කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දශක ගණනාවක් පුරා මෙවැනි සිදුවීම් පර්යේෂණ කිරීමෙන් පසු මරණින් මතු ජීවිතයක් නැති බවට තමා තුළ වූ විශ්වාසයන් උඩුයටිකුරු වී ගිය බවයි.