ලලිත් කොතලාවලට තහනම් නියෝගයක්.

Sri Lanka Businessman
By Wayomi Jun 24, 2023 06:27 AM GMT
Report

ගෝල්ඩන් කී සමුහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ලලිත් කොතලාවලට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දැරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ඊයේ නිකුත් කළා.

ඒ, එස්. ඇන්ඩ්. එල්. ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් අනීතිකව හා වංචනිකව පවරා ගෙන ඇති බවට සඳහන් කරමින් පැවරූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

සමාගමේ කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් එම අතුරු නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකාර ලලිත් කොතලාවල විසින් සමාගමට අයත් වටිනා ඉඩමක ඔප්පුවක් අනීතිකව සකස් කර සමාගමේ කොටස් පවරා ගෙන ඇති බවයි.