අවු 2 මාස 11ක දරුවෙක් බළංගොඩදී තත්ත්පර 30 කින් තැබූ වාර්තාවක්. - (VIDEO)

Sri Lanka
By Wayomi Nov 08, 2023 12:29 PM GMT
Report

අවු 2 මාස 11 වයසැති දරුවෙකු තත්ත්පර 30 ක් තුල මිටර් 100 ක් දුර දිවගොස් චෝලන් වාර්තාවකට හිමිකම් කියනු ලැබුවා.

ඒ, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි රජිව් ගාන්ධි සහ රොෂානි යන මාපියන්ගේ පුතණුවන් වන ආරොන් සත්වික්.

පසුගිය (05) වනදා මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ,බලංගොඩ නගර සභා ක්‍රිඩාංගණයේදි.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් වාර්තා පොතට දරුවන්ගේ දක්ෂතා හදුනාගෙන ඒ පිලිබදව අධික්ෂණය කර වාර්තා පොතට ඇතුලත් කිරිම චෝලන් වාර්තා අධික්ෂණ කමිටුව විසින් සිදු කරනු ලබනවා.

චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා,රත්නපුර දිස්ත්‍රික් සභාපති ප්‍රවීනා භාරතී, නුවරඑළිය දිස්ත්‍රික් සභාපති සම්බසිවම් සතිෂ්කුමාර් යන මහත්ම මහත්මයින් වාර්තාව පිහිටුවිම අධික්ෂණය සඳහා එක් වුණා..