අධිකරණයට ආ පොලිස්පති දුන් පොරොන්දුව.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියා.
ඒ, ඊයේ(04) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළ නියෝගයකට අනුවයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පතිට නියෝග කරනු ලැබුවා.
ඒ, අනුව අද දිනයේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබුනේ, අරගල සිද්ධීන්වලින් පසුව මාරුකර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බවයි.
අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පුද්ගලිකවම අධිකරණයේ පෙනී සිට ඇත.
එහිදී පොලිස්පතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට මේ බව දැනුම් දී තිබෙනවා.