පාසලේ දරුවන්ට ලිංගික අතවර කල ප්‍රධාන පාසලක විදුහල්පති රිමාන්ඩ්

Sri Lanka Police Ratnapura Sri Lanka Child Abuse
By Sewvandhi Aug 24, 2022 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රත්නපුර ප්‍රධාන පෙළේ පාසලක සිසු සිසුවියන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කළැයි විමර්ශනයකින් අනතුරුව රත්නපුර ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, රත්නපුර ප්‍රධාන පිරිමි පාසලක කලක පටන් සිදුවන ළමා ලිංගික අපයෝජනයන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුවය.

එම විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම විදුහල්පතිවරයා දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂමව පාසලේ ළමයින් සිය නිල නිවාසය වෙත ගෙන්වාගෙන මුදල් ත්‍යාග සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් සාක්ෂි සහිතව කරුණු අනාවරණය වී තිබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බරපතළ ලිංගික අපයෝජන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙරට පාසල් අශ්‍රිතව සිදුවන කවර හෝ ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව පැමිණිලි හා තොරතුරු කඩිනමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now