ලොව මෙතෙක් කිසිම ස්ථානයකින් හමු නොවූ දෙයක් ලංකාවෙන් හමුවෙයි..(PHOTOS)

Galle Sri Lanka Politician Informatics Institute of Technology Sri Lanka Sri Lanka
By Aruna Jul 06, 2023 03:36 AM GMT
Report

ශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් සොයාගැනීමට හැකිවී තිබෙනවා.

ඒ ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන්. ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

ඒ පිළිබඳ ජාත්‍යන්තර Phytotaxa නමැති උද්භිද විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයක්.

මෙම සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යන අතර ඉන් විශේෂ 13ක් ම ශ්‍රී ලංකාවට ආවේණික ඒවා වන බවයි පැවසෙන්නේ.

මෙම නව කෙතල විශේෂය Lagenandra limbusleviterapertae ලෙස නම්කරන තිබෙනවා.

මේ දක්වාම ගාල්ල හියාරේ ජලාශය ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයෙන් හැර ලොව වෙනත් කිසිම ස්ථානයකින් ‍මෙම නව විශේෂය වාර්තා වී නොමැති බැවින් එම විශේෂය සිංහල භාෂාවෙන් “හියාරේ කෙතල” යනුවෙන් නම් කිරීමට ද පර්යේෂකයන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අදාල ඡායා රූප පහතින්,

GalleryGalleryGalleryGalleryGallery