ග්‍රහලෝක ගිල දමන භයානක තාරකාවක්.. පෘථිවි ඉරණමත් ශෝකජනකයි..(VIDEO/PHOTOS)
අපි හැමෝම දන්න දෙයක් සහ විශ්වාස කරන දෙයක් තමයි ලෝක විනාශය කොයි මොහොතක හරි වෙන්න පුළුවන් කියන එක.
නමුත් මේ සම්බන්ධයෙන් වෙනස්ම ආකාරයක මතයක් විද්‍යාඥයින් පිරිසක් විසින් මේ වෙනකොට ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.
ඒ අනුව ඔවුන් පවසන්නේ තවත් වසර බිලියන 5කින් සිදුවන ලෝක විනාශයේදී, සුර්යයා අද සිටින තත්ත්වයට ආපෙක්ෂාව විශාල ලෙස වෙනස් වන බවයි.
අපගේ තාරකාව වන සුර්යයා සතුව ඇති බල ශක්තිය අවසන් වුනොත් මොකද වෙන්නේ ?
මේ සම්බන්ධයෙන් මත පළකරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, සුර්යයාට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීම සඳහා ග්‍රහලෝක ගිල ගැනීම සිදු කරන බවයි.
ඔවුන් මෙසේ පැවසීමට හේතුව ලෙස විශේෂ තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව පෘථිවිය අයත් වන ක්ෂීරපථ මන්දාකිනියේ, රාජාලියෙකු වැනි තාරකා මණ්ඩලයක් අසල, ආලෝක වර්ෂ 12,000 ක් ඈතින් පිහිටි ග්‍රහලෝකයක් මෙසේ තාරකාවක් විසින් ගිලදමා ඇති බව ඔවුන් සඳහන් කළා.
මෙසේ සිදුකිරීමෙන් අනතුරුව එම තාරකාව දින 10ක් ඇතුළත 100 ගුණයකටත් වඩා දීප්තිමත් වූ බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඔවුන් සඳහන් කරන්නේ, සුර්යයාගේ බලශක්තිය අඩු වන විට එය නැවත ලබා ගැනීම සඳහා ග්‍රහලෝක ගිල ගැනීම සිදුවන බවයි.
එමෙන්ම සුර්යයා ආසන්නයේම තියෙන ග්‍රහලෝක සඳහා මෙහි බලපෑම වැඩි බවද ඔවුන් පෙන්වා දෙයි.
එනම් මේ හේතුවෙන් ඔවුන් නිගමනය කර ඇත්තේ අනාගත පෘථිවි ඉරණමද ශෝකජනක විය හැකි බවයි.
මීට අදාල වීඩියෝවක් පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |